Posted on 03.27.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනප්‍රිය සංගීත ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැත්තා ඩුබායි සිට ලංකාවට පැමිණිමෙන් පසු අද (27) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මාකදුරේ මධුෂ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද චෝදනා ඇති පුද්ගලයා විසින් ඩුබායිහිදී පැවැත්වූ සාදයකදී අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා එරටින් පිටුවහල්කරනු ලැබ ලංකාවට පැමිණී අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන් මේ වනවිට ප්‍රශ්නකරමින් පවතින බවත් මේ දෙදෙනා සම්බන්ධයෙන් ලංකාවේ කිසිදු චෝදනාවක් අධිකරණය හමුවේ නොමැති නම් ඔවුන් මුදා හැරීමට කටයුතු කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.