සිය දේශපාලන බලය පවත්වාගෙන යාමේ අරමුණින් මහින්ද රාජපක්ෂ නැවත බලයට පත් කිරීමේ අරමුණක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ඇති බව නැවතවරක් අනාවරණය වී තිබේ.
පළමු අවධානය ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් පත්කිරීම ගැන නොව, මීළග ආණ්ඩුව පිහිටුවීම ගැන විය යුතු බව ඊයේ (17) මහජන එක්සත් පෙරමුණේ සමුලුව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
ප්‍රකාශ කළේ ය. මේවන විට රට දක්ෂිණාංශික අන්තයකට ගෙනයනවාද නැතිනම් දේශප්‍රේමින්ට භාරදෙනවාද යන තීරණය ගතයුතුව ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත. මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ දක්ෂිණාංශය සම්බන්ධ වසර 4ක අත්දැකීම් සහිත ජනතාව දැඩි කලකිරීමකට ප.ත්ව සිටිති. එහෙත් මහින්ද රාජපක්ෂගේ ‘දේශප්‍රේමී’ ලේබලය සහිත දක්ෂිණාංශය ජනතාව රැවටීමට ජාතිවාදය, ආගම්වාදය වැනි පටු බෙදීම් පාවිච්චි කරමින් සිටී. ජනාධිපතිවරයාද දකුනේ ජනයා අතර ජනප්‍රියවීමේ අරමුණ ඇති මත්ද්‍රව්‍ය විරෝධය, වැනි සිංහල බෞද්ධ ජනයාට සමීප සහ බටහිර විරෝධය වැනි පසුගාමී අදහස් අනුව වැඩ කරමින් සිටී. මහින්ද රාජපක්ෂගේ අරමුණද ගෝඨාභය රාජපක්ෂගෙන් එන ජනප්‍රිය රැල්ල සිය පවුලේ දේශපාලන බල අරමුණවලට අවාසිදායක බැවින් පාර්ලිමේන්තු බලයක් සහිතව ඉදිරි ජනාදිපතිවරණයකට සූදානම්වීමය. මේ වනවිටත් පාර්ලිමේන්තුවේ බහුතරය එකදු පාර්ශ්වයකටවත් ලබාගත නොහැකි අර්බුදයක් පවතී. එහෙත් ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිරූපය නංවාලීම සදහා විවිධ වැඩකටයුතු කරමින් සිටී. ජනාධිපතිවරයාගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ පොදු සතුරා බවට ගෝඨාභය පත්වන්නේ මේ අනුවය.
ජනාධිපතිවරනයක් පිළිබදව අවධානය යොමු වීමත් ගෝඨාභය රාජපක්ෂ එහි අපේක්ෂකයකු ලෙස යෝජනා වීමත් නිසා ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකට වඩා ආණ්ඩු බලයක් අත්පත් කරගැනීම වැදගත්ය වැනි අදහසක් පළ කරන්නට ඇති බව නිරික්ෂකයෝ පවසති.