Posted on 02.18.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මෙවර අය වැය කාරක සභා විවාද අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ වැය ශීර්ෂය පරාජයට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ.
ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍ය ධුරයට පත් කිරීමේ සිද්ධිය ඇතුළු ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතික පක්ෂයට දිගින් දිගටම සිදුකරන ප්‍රහාරයන්වලට එරෙහිව ජනාධිපතිවරයාට ප්‍රතිචාරයක් දැක්වීම සඳහා මෙම පියවර ගතයුතු බව මෙම මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නැතත් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් බොහෝදුරට තීරණය කරනු ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන මතධාරීන් පවසන්නේ ජනාධිපති වැය ශීර්ෂ පරාජය කිරීමට වඩා ඒ සම්බන්ධ විවිදයේදී ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට එජාප මන්ත්‍රීවරු උත්සාහ දරනු ඇති බවයි.