தமிழ்
English
Contact
Friday 15th July 2022    
ජන අරගල ව්‍යාපාරය, සහල් ගැටලුව ගැන පාරිභෝගික අධිකාරියෙන් ප්‍රශ්න කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජන අරගල ව්‍යාපාරය, සහල් ගැටලුව ගැන පාරිභෝගික අධිකාරියෙන් ප්‍රශ්න කරයි!



මේ වනවිට ජනතාවට මහත් පීඩාවක් ගෙන දෙමින් සහල් මිල පාලනයකින් තොරව ඉහළ යාම, සහල් හිගය සහ ජනතාවගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරය විසින් පාරිභෝගික සේවා අධිකාරිය හමුවේ කරුණු විමසන ලදී.

අද (29) ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයින් කොළඹ වොක්ෂෝල්ල වීදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යාලයට ගිය අතර එහිදී ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කරන ලදී.

එම අධිකාරියේ නිලධාරිහු පවතින තත්වය සම්බන්ධ කරුනු දැක්වීම පිළිගෙන තම පාර්ශ්වයෙන් ගන්නා පියවර මෙන්ම එහිදී ඇත්වන ගැටලු සම්බන්ධ විස්තරයක් ඉදිරිපත් කරන ලදී. කෙසේවෙතත්, ඉදිරියේදීත් පාරිභෝගික අයිතින් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද රජයේ නිලධාරින් වශයෙන් මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ජන අරගල ව්‍යාපාරාය් නියෝජිතයන් ඔවුන් වෙත ප්‍රකාශ කරන ලදී.

ජන අරගල ව්‍යාපාරය වෙනුවෙන් තැන්නේ ඥානානන්ද හිමි, හිටපු කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂක සිසිර කුමාර, දුමින්ද නාගමුව, කලාශිල්පී අජන්ත අලහකෝන්, නීතීඥ රිවිහාර පින්නදුව සහභාගී වූහ.