Posted on 12.31.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද (31) පස්වරුව වන විට පොලිස් වාර්තා අනාවරණය කරන ආකාරයට ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 10 කට ආසන්න සංඛ්‍යාවක් දින දෙකකට ආසන්න කාලයක් තුළ වාර්තා වී ඇත.
ආරච්චිකටිටුව වෛරන්කට්ටුවේ කුඩා ප්‍රමාණයේ නිවස ඊයේ (30) රාත්‍රී ගෑස් ලිප පුපුරා ගිනිගෙන ඇත. මෙම අවස්ථාවේ ප්‍රදේශවාසීන් ඉක්මනින් ගින්න නිවා දැමු බැවින් එම නිවස විනාශ වීමට තිබුණු ඉඩකඩ වැළකී ඇත.
මෙසේ ගෑස් සිලින්ඩර් ආශ්රිත අනතුරු වාර්තා වන්නේ ආරච්චිකටිටුව වෛරන්කට්ටුව, තලාතුඔය මාරස්සන, මැදගම, සියඹලාණ්ඩුව, ගම්පොළ කීරපන සහ ගාල්ල හිනිඳුම යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රදේශ රැසකිනි.