Posted on 12.30.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඩොලර් හිගය හේතුවෙන් බොරතෙල් ආනයනය නවතා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේ නවතා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වරක් ඒම හේතුව නිසාම වසා දමන්නට සිදුවන බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
ඒ අනුව, 2022 ජනවාරි 3 වැනිදා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමෙනු ඇති බවත් ජනවාරි මස අවසානයේ බොරතෙල් ගෙන්වා ගැනීමේ තත්වය මත මාසය අවසානයේ නැවත එය ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවද ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
මේ වනවිට රටේ ඉන්ධන අවශ්‍යතාවයෙන් සැලකිය යුතු වෙළඳපොළ පංගුවක් සපුගස්කන්ද පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන නිසා මෙම පියවර විසින් වෙළඳපොළ තුළ ඉන්ධන හිගයක් ඇති වීමේ අවදානමක් ඇත.
සංස්ථාව පවසන ආකාරයට වෙළඳපොළට ඩීසල් සැපයුමෙන් 29%ක්ද පෙට්‍රල් සැපයුමෙන් 14%ක්ද සපයනු ලබන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකාරිත්වය හේතුවෙනි. කෙසේවෙතත් ජනවාරි 26 වැනිදා වනවිට සිංගප්පූරු සමාගම විසින් ඛනිජ තෙල් සංස්ථාවට බොරතෙල් තොගයක් සපයන්නට පොරොන්දු වී ඇත.