Posted on 08.05.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සුලු වෙලාවකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කථිකාචාර්ය අමින්ද ලක්මාල් ගමන් කරමින් සිටි බස් රථයට නැගුණු පොලිස් ඇඳුම් ඇඳගත් හා සිවිල් ඇඳෞමින් සිටි පිරිසක් ඔහු බලහත්කාරයෙන් ගෙන යාමට ගත් උත්සාහය බස් රථයේ සිටිවුන් විසින් ව්යාර්ථකර ඇත.
සිවිල් ඇඳුමින් පැමිණි පුද්ගලයා මෙම පැහැරගැනීම ව්‍යර්ථවීමෙන් පසුව පිටව යාමට ගත් උත්සාහයේදී ඔහු නවතා පැමිණි කාරනය ප්‍රශ්න කළ විට තමන් පුද්ගලයකු හඳුනාගෙන රැගෙන යාමට පැමිණි බවද ඔහු බස් රථයේ ොමැති නිසා යනන්ට සූදානම් වූ බවද පවසා ඇත. නමුත් එම පුද්ගලයා කවුරුන්ද යන්න හෙළි කිරීමට මෙම සිවිල් ඇඳගත් තැනැත්තා අසමත්ව ඇති බවද ඔහු මුහුණුවරෙන් හඳුනාගන්නට නියමිත බවද ප්‍රකාශකර ඇත.
තමන් රාජකාරියක් සිදුකරන බවද ඊට බාධා කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවද ඔහු විසින් බස් රථයේ සිටි පිරිසට තර්ජනය කර ඇත.