Posted on 08.06.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ(5) ප්‍රසිද්ධ විරෝධතාවකට සහභාගිවීමට යමින් සිටියදී බස් රථයට නැග තමන් බලහත්කාරිව පැහැරගෙන යාමට ගත් උත්සාහයක් සරසවි ශිෂ්‍යයන් හා සහෝදර කථිකාචාර්යවරු විසින් වැලකූ බව ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කථිකාචාර්ය අමින්ද ලක්මාල් පවසයි.
‘අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය’ විසින් කොළඹදී සංවිධානය කළ උද්ඝෝෂණය අවසන් වී නැවත විශ්ව විද්‍යාලය බලා බස් රියෙන් පැමිනෙද්දී මෙම පැහැරගැනීමේ ප්රයත්නය ක්‍රියාත්මක කළ බව ඔහු පවසයි.
සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු අනාවරණය කරන්නේ තමන් වැනි යම් සිවිල් බලයක් සහිත පුද්ගලයකු පවා මෙවැනි ආකාරයෙන් රාජ්‍ය මර්දනයට ගොදුරු වේ නම්, සාමාන්‍ය ජනයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පොලිසියට එතරම් දෙයක් නොවන බවය.
මෙම සිදුවීමේ භයානකකම සම්බන්ධයෙන් සළකා අධිකරණය හමුවට යාමට අදහස් කරන බවද කථිකාචාර්යවරයා සටහන්කර තිබිණි.
ඔහගේ සම්පූර්ණ සටහන පහත පළ කරමු.
කණගාටුවෙන් ලියා තබමි.
අද දින මා ඇතුලු ජපුර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු සහ ශිෂ්‍ය පිරිසක් අතිශයින් සාමකාමීව සහ සෞඛ්‍යආරක්ෂිත බව උපරිමයෙන් රකිමින් විශ්ව විද්‍යාල අචාර්ය සංගමය (FUTA) ප්රමුඛත්වයෙන් ආරම්භ කළ අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය සිදුකල උද්ඝෝෂණය අවසන් වී නැවත විශ්ව විද්‍යාලය බලා අප සූදානම් කල බස් රියෙන් එමින් සිටියෙමි. හදිසියේ ගංසභා හන්දිය සහ දෙල්කඳ හන්දිය අතරදී සිවිල් ඇදුමින් සැරසුනු පිරිසක් (තුන් දෙනෙක්) බස් රියට නැගී මා දෙසට පැමිණ කිසිත් නොකියා මා අතින් ඇදන් යන්නට සැරසුනි. මගේ පිටුපස සිටි ශිෂ්‍යයන් එක්වරම ඉදිරියට පැන, “එහෙම කොහොමද අපේ සර් ව ගෙනියන්නේ” කියා එම ක්‍රියාවට විරුද්ධ උණි.
එමෙන්ම ඔවුන් දිගින් දිගටම අර සිවිල් ඇදුමින් පැමිණි පිරිසට එරෙහි වන්නට විය. පසුව බහින් බස් වීම අතරතුර බස් රියේ සිටි මහාචාර්ය ජනක් කුමාරසිංහත් මහාචාර්ය සමන් යාපා මහතාත් එයට මැදිහත් වී රැගෙන යාමට හේතුවත්, පැමිණියේ කවුද යන්නත් කාරුණිකව විමසා සිටියේය.
පැමිණ සිටියේ මිරිහාන පොලිස් ස්ථානයේ ක්‍රයිම් ඕඅයිසී ය. ඔහුට සිය හැදුනුම්පත පෙන්නන්නට සිදුවුණි. ඉන්පසු වූ සිදුවීම ලයිව් වීඩියෝ එකේ ඇත. අවසානයේ බස් රථයට නිරුපද්‍රිතව යාමට ලැබුණි.
මට තියෙන ගැටලු
පුරවැසියනි
ආණ්ඩුව මර්දනය දියත් කරමින් පවතී. අද මා වෙත පැමිණි විට මා හට උදව් කරන්නන්, දිරිමත් කරන්නන් යම් කිසි ප්‍රමාණයක් සිටියෙමි.හෙට එය ඔබ වෙත පැමිණිය හැක. නමුත් එසේ පැමිණෙන විට ඔබ වෙනුවෙන් ඉදිරිපත් වන්නට කවුරුවත් නැති වෙන්නට පුලුවන. ඔබව අත්අඩංගුවට ගන්නේ කුමන හේතුවකටද කියාවත් ඔබ නොදැන ඔබ හිරගත වන්නට පුලුවන. මිය යාමට පුලුවන. එය ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ලක්ෂණයක් නොවන බව ලියා තබමි.
මා වෙනුවෙන් ඉදිරිපත් වූ ශිෂ්‍යයන්ටත්, මහාචාර්යවරුන්ටත් සැප දුක සොයා බැලූ ඔබ සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි !!!
මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වන්නෙමි.!!!
ස්තුතියි
