Posted on 08.05.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් ශිෂ්‍යයා නාඳුනන රියකින් පැහැර ගෙන ගොස් ඇත.
අද දහවල් ඔහු කොළඹ පැවැත්වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතාවට සහභාගි වීම පිණිස විශ්වවිද්‍යාලය අසළින් ගමන් කරමින් සිටියදී මෙම පැහැරගැනීම සිදුව ඇත.
ඔහු, ප්‍රදේශයට අයත් මිරිහාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත්දැයි විමසීමේදී පිළිතුර වී ඇත්තේ එසේ අත්අඩංගුවට ගෙන නැති බවයි. මීට අමතරව, තවත් පොලිස් ස්ථාන ගණනාවකින් විමසා බැලුවද එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුව නැත.