ජර්මන් ෆෙඩරල් බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වේ

ජර්මන් ෆෙඩරල් බුද්ධි අංශ ප්‍රධානී හාන් ජෝර්ජ් ඉල්ලා අස්වන්නයි ඇන්ජෙලා මාකේල් බලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා ජර්මනියේ නැගෙනහිර චෙමිස්ට්හිදී සරණාගතයින්ට පහරදීම්වලට අදාලව හා දක්ෂිණාංශික කණ්ඩායම්වලට සහාය ලබා දීම ඇතුළූ චෝදනා ගණනාවක් ජර්මන් බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව ඒල්ලවී තිබේ.

මේ හේතුවෙන් හාන් ජෝර්ජ්ට සිය තනතුරෙන් පසුගිය දින ඉල්ලා අස්විවීමට සිදුවිය. වාර්තා වන අන්දමට පසුගිය කාලය තුල ජර්මනියේ සරණාගයන්ට එරෙහිව අවස්ථා ගණනාවක පහරදීම් හා නොයෙකුත් අතවරයන්ට ලකවිය.

මෙම සිදුවීම් පිටුපස එරට බුද්ධි අංශ සිටින බව මේ වන විට හෙළිව තිබේ. එබැවින් වහාම ජර්මන් ෆෙඩරල් බුද්ධී අංශ ප්‍රධානී ලෙස කටයතු කළ හාන් ජෝර්ජ් මසේන්ට සිය තනතුරෙන් ඉවත්වීට සිදුව තිබේ.

විශේෂයෙන් ජර්මනිය තුල පසුගිය අවස්ථා ගණනාවකදීම සරණාගතයින්ට විවිධ අන්දමේ පහරදීම් හා නොයෙකුත් අඩත්තේට්ටම් වලට මුහුණ පෑමට සිදුවිය.

එමසිදුවීම් පිටුපස ජර්මන් බුද්ධි අංශ සිටින බව මෙම කරුණු අනාවරණය මිගින් හෙළිව තිබේ.

ජර්මන් ෆෙඩරල් ආරක්ෂක අංශව සතු තොරතුරු එ.ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සිය වෙත ලබා දීමට කටයුතු කිරීමේ ප්‍රධානියා ලෙස හාන් ජෝර්ජ් කටයුතු කළ බවට පසුව අනාවරණය විය.

Madanayaka :