Posted on 04.22.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වත්මන් ආණ්ඩුව විසින් දෙවැනි වරටත් ජාතයන්තර වැඩකරන ජනතාවගේ සහයෝගිතා දිනය තහනම් කරන්නට තීරණය කර ඇත.
පසුගියදා ඇති වූ අන්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් අද(22) ආරක්ෂක මන්ඩලය රැස්වීමෙන් පසුව ගත් තීරණ අතර මෙසේ ජාත්‍යන්තර කම්කරු දින කටයුතු සියල්ල තහනම් කිරීමට පියවර ගෙන ඇත.
ලංකාවේ කම්කරුවන්, ගොවියන්, රාජ්‍ය හා පෞද්ගලික සේවා නියුක්තික සියලුම වැඩ කරන ජනතාව විසින් සිය අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලන වශයෙන් සටන්කාමී පියවරක් තබන මෙම දිනය ලෝකයේ සෙසු වැඩකරන ජනතාව සමග පන්ති අරගලයේ සටන්කාමිත්වය සමරන දිනයක් ද වේ. ඒහෙත් පසුගිය 21වැනිදා ඒල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් වේලාසන දැන සිටියද ජනතාව දැනුවත් නොකර ප්‍රභූන් පමණක් ආරක්ෂා කළ ආණ්ඩුව අද කම්කරුවන් ඇතුළ වැඩකරන ජනතාව ඒ්කරාශිවන දේශපාලනිකව හඩ නගන දිනය මෙසේ නිර්ලජ්ජිත ලෙස තහනම්කර ඇත.