தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
පීඩාව ඉවසුවා ඇති, සමස්ත මහා වැඩවර්ජනයකට පෙළ ගැසෙමු! - දුමින්ද නාගමුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පීඩාව ඉවසුවා ඇති, සමස්ත මහා වැඩවර්ජනයකට පෙළ ගැසෙමු! – දුමින්ද නාගමුව



වැඩකරන ජනතාවගේ ජීවන කොන්දේසිවල දුෂ්කරතා අවසන් කිරීම මුල්කරගෙන වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 12ක් මුල්කරගත් අරගලයකට ආරම්භය කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් කැඳවන ලද ඒකාබද්ධ විරෝධතාවයෙන් සටහන් කෙරිණි.
ඊයේ 28 කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් රගහල අසළින් ආරම්භ කළ විරෝධතා පාගමනට ප‍්‍රධාන පෙළේ වෘත්තිය සමිති රැුසක් සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. වැඩකරන ජනතා අයිත.ිවාසිකම් වෙනුවෙන් විරෝධතා පාගමන අවසානයේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරි පිට පැවැති වෘත්තීය සමිති ඒකාබද්ධ විරෝධතා රැුස්වීමේදී කම්කරු අරගල අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පළ කළ අදහස්වල සාරාංශයක් මෙසේ සටහන් කරමු.
“අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට වෘත්තීය සමිති රැුසක් එකතු වෙලා ඉන්නවා. මෙවැනි ඒකාබද්ධතාවට බලපාන හේතු ගණනාවක් මේ ආණ්ඩු නිර්මාණය කර තිබෙනවා. තව එක දවසක්වත්, එක පැයක්වත් බෙදිලා ඉන්න බැරි හේතු නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා තමයි අද අපි ඒකාබද්ධ විරෝධතාවකට ගොනු වෙලා ඉන්නේ?
සිරිසේන මහත්තයා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ආවේ. දැන් එයා යනවා ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඇවිත් ශිෂ්‍යත්වය අහෝසි කරන්න යනවා. අනිත් එක්කෙනා, වික‍්‍රමසිංහ මහත්තයා අද කියනවා, පෞද්ගලික අංශයේ අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරනවලූ. ලක්ෂ 25ක් පෞද්ගලික අංශයේ කම්කරුවො හූල්ල හූල්ල එකතු කරපු මුදල ගැන තීන්දු ගන්න වික‍්‍රමසිංහලාට තියෙන අයිතිය මොකක්ද? පහුගිය දවස්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පාරවල් දිගේ උගන්න උගන්න ගිය කේවට්ටයන්ගෙන් අපි අහනවා, ලක්ෂ 25ක් කම්කරුවන්ගේ මාසෙ පඩියෙන් කැපෙන සල්ලි ගැන තීරණ ගන්න වික‍්‍රමසිංහට තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය මොකක්ද? වික‍්‍රමසිංහ ඒ ගැන කියද්දි ඒ ගැන වචනයක් නොකියා පස්ස හරවා ගෙන ඉන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය මොක්කද? වික‍්‍රමසිංහට මාළිගාවේ දොර වැහෙන කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මතක් වෙනවා.
මේ ආණ්ඩුව ප‍්‍රතිත‍්‍රස්ත පනතක් ගෙනත් තිබෙනවා. 1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනත් දඩයම් කළේ කවුද? ආණ්ඩුවට විරුද්ධව නැගී සිටි තරුණයන් සහ ඔවුන්ගේ දෙමාපියන් දඩයම් කළා. ඒක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීයි කියලා ඊට වඩා නරක අලූත් පනතක් ගෙනත් තිබෙනවා. සාමාන්‍ය නීතිය යටතේ නම් වරදක් කළොත් තමයි දඬුවම් කරන්නේ. මේ නව පනත යටතේ කවුරු හරි මොකක් හරි කරනවා කියලා දැන ගෙන හිටියත් දඩුවම් කරන්න පුළුවන්. මේ පනත මගින් අඩුම තරමින් උද්ඝෝෂණයක් කරන්න බැරි වෙනවා. මේ රටේ ජනතාවගේ අතපය, කටවල් බඳිනවා. අපි ඒකට ඉඩ දෙන්න ඕනද? නෑ. ඉඩ දෙන්න ඕන නෑ.
ඊළඟට අලූත් කම්කරු නීතියක් ගේන්න යනවා. එක එක කාලෙ සම්මත කරපු කම්කරු නීති ගොඩක් තියෙනවා, ඒ ඔක්කොම එකට දාලා සුප් එකක් හදලා පොවනවා කියලා වික‍්‍රමසිංහ උන්නැහෙ කියනවා. ඒකෙ තියෙන්නේ හලාහල විෂ. තවමත් අපේ රටේ කම්කරුවන්ට පැය අටේ වැඩ දිනයක් තියෙනවා. ඒක නැති කරනවා. නිවාඩු දින ටිකක් තියෙනවා. ඒ නිවාඩු දින කප්පාදු කරලා, සිංහල හින්දු අලූත් අවුරුදු නිවාඩු, නත්තල් නිවාඩු පවා නැති කරන්න කැස කවන්නේ. අපේ රටේ ජනතාව හූරං කන පරපුටු රැුළට ලාබ පිට ලාබ ලබන්නයි මේ පනත ගේන්නේ.
විශ‍්‍රාම වැටුප 2016න් පස්සේ නෑ. සමහර රාජ්‍ය සේවකයන්ගෙන් ඇහුවම කියනවා, නෑ අපිට තියෙනවා, 2016න් පස්සේ ආපු නංගිලාට මල්ලිලාට නැත්තේ කියලා. අපි ඒ අයියලාට, අක්කලාට කියෙනවා, ඒක එහෙම වෙන්නේ නෑ. 2016 බැඳෙන අය විශ‍්‍රාම යන්නේ 2045. 2045 මහා භාණ්ඩාගාරයෙන් කැපෙන සල්ලි ඉතිරි කරන්න දැන් පනත් ගේන්න මේ ගොල්ලන්ට ඕන නෑ. එතකොට වික‍්‍රමසිංහලාත් නෑ. මේ පනත සම්මත කර ගත්තට පස්සේ අනෙක් අයටත් කෙළවනවා. මොළේ අඟලක්වත් තියෙනවා නම් ඒක තේරුම් ගන්න.
වතු කම්කරුවන් 1000ක් ඉල්ලූවා. දැන් රුපියල් 50කින් වැඩි කරන්නම් කියනවා. රුපියල් 50ක් පාං ගෙඩියක් ගන්නත් මදි.
කොන්ත‍්‍රාත්, අනියම්, මෑන්පවර් වහල් ක‍්‍රමය හැම ආයතනයකම හදලා. ස්වභාවික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. සිංගප්පූරු ගිවිසුම ගහලා කම්කරුවන් කොල්ලකමින් ඉන්නවා.
වැඩකරන ජනතාවට එකතු වෙන්න පස සකස් වෙලා තිබෙනවා. පස හැදුනට වැඩක් නෑ හිතත් ඕන. නමුත් තාම හිත හරි ගිහින් නෑ. අපි අතර තියෙනවා වෘත්තීය භේද, සමිති භේද, ශ්‍රේණි භේද. අර ඉස්සර එක කාලෙක තිබුණු කුල භේද වගේ. අරුන් ඔක්කොම එකතු වෙලා අපට ගහනවා, ඒ නිසා අපිට වෘත්තීය භේද, සමිති භේද, ශ්‍රේණි භේද අතහැරලා ඒකාබද්ධතාවක් අවශ්‍යයි.
ඊළඟට, එක එක කාලෙකට මැද පන්තිය විවිධ සටන් පාඨ ගේනවා. ඒවා පස්සේ කම්කරුවොත් පෝලිමට යනවා. ඒ ගොල්ලෝ වංචා ¥ෂණ නවත්වන්න ගෙනාපු සටන් පාඨයට මොකක්ද කරපු සාධාරණය? කිසිම සාධාරණයක් නෑ. දැන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනු කියලා බාග සටන් පාඨයක් අල්ලගෙන යනවා. අපිත් ඒක පස්සේ කණ වැල අල්ලගෙන යනවා. වැඩක් තියෙනවද? නෑ.
ඒ නිසා අද වැඩකරන ජනතාව ඉස්සරහට එන්න ඕන. තමන්ට තියෙන ප‍්‍රශ්න කොන්ද කෙළින් තියාගෙන කියන්න ඕන. මේ රටේ අනාගතය නිවැරදි කරන්න නම්, සමස්ත ජනතාවට ජයග‍්‍රහණ ගන්න නම් වැඩකරන ජනතාව තමන්ගෙ අතට කොඩිය ගන්න ඕන. ඊට කාලය එළඹිලා තියෙනවා.
අපි ලෑස්ති නම් වෘත්තීය සමිති ව්‍යාපාරය එක තැනකට එන්න. සමස්ත මහා වැඩ වර්ජනයකට පෙළ ගස්වන්න පුළුවන් කියලා අපට පේනවා. ප‍්‍රතිත‍්‍රස්ත පනත, අර්ථසාධක කොල්ලය, විශ‍්‍රාම වැටුප් කොල්ලය පරද්දන්න, වැටුප් වැඩිවීමක් දිනා ගන්න, සමස්ත මහා වැඩවර්ජනයකට පෙළ ගැහෙන්න ඕන. “