Posted on 06.01.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ජාතික ජන බලවේගය අතර හමුවක් ඊයේ (31) පැලවත්ත, පන්නිපිටිය පාරේ ජා.ජා.බ. කාර්යාලයේදී පැවැත්විණි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් මෙම සාකච්ඡාවට එහි පාලක ලේකම් චමීර කොස්වත්ත, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ චන්දන සිරිමල්වත්ත ද, ජාතික ජන බලවේගය වෙනුවෙන් ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි හරිණි අමරසූරිය, විධායක සභික ලාල්කාන්ත, චාමින්ද ජයසූරිය, ආචාර්ය අනුර කරුණාතිලක, මහින්ද රත්නායක සහභාගී වූහ.
දැනට රටපුරා ව්‍යාප්තව පවතින ජනතා අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීම, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම් සහ මර්දනයට එරෙහිව කටයුතු කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීමේදී මූලික අවබෝධයක් ගොඩ නගා ගෙන තිබේ.
රට තුළ උද්ගත වෙමින් පවතින දේශපාලන තත්වය සහ ඊට දේශපාලන වශයෙන් මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගියදා විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, වාමාංශික පක්ෂ ගණනාවක් මෙන්ම සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්රගතිශීලී පෙරමුණ සහ 43 සේනාංකය විසින් සාකච්ඡාවලට ආරාධනා කර තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ විසින් තවමත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. ජ.වි.පෙ. විසින් ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ජාතික ජනබලවේගය එම ඉල්ලීමට අනුව, සාකච්ඡාවක් සඳහා ඊයේ දින යොදාගෙන තිබිණි.