Posted on 05.28.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තු මන්ත්රිවරු 85 දෙනෙකු සිය නිවාසවලට ලබා ගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටි 2ක් පමණ බිල් ගෙවීම පැහැර හැර ඇත.
මෙම බිල් ගෙවීම පැහැර හැරි දේශපාලකයන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සාමාජිකයන්ය. එසේම ඒ අතර පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්, හිටපු මැති ඇමතිවරුන් සහ මියගිය මැති ඇමතිවරුද වෙති.
ඔවුන් අතුරින් දේශපාලනඥයන් 50 කට ආසන්න පිරිසකගේ හිඟ ජල බිල් වටිනාකම රුපියල් ලක්ෂ 6-10 අතර වන බවත් පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 70 ඉක්මවන බව දැනගන්නට ඇත.