Posted on 09.15.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජාතික රූපවාහිනි සංස්ථාවේ යථාරූප වැඩසටහන ජ්‍යෝතිෂ්‍යය විවේචනයට ලක් කරන බැවින් එම වැඩසටහන අවලංගු කරන සෙ ජනාධිපතිවරයා විසින් රූපවාහිනි බලධාරින්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
අධ්‍යාපනික වැඩසටහනක් ලෙස බ්‍රහස්පතින්දා දිනවල රාත්‍ර 10.00ට ප්‍රචාරය වූ මෙම වැඩසටහන 2016 වර්ෂයේ අගෝස්තු මාසයේ ආරම්භ වූ අතර මිත්‍ය විශ්වාසයන් සම්බන්ධව විවෘත සංවාදයක් සදහා විද්වත් සම්පත් දායකයන් හරහා ජනප්‍රිය මතයන්ට වඩා විකල්ප අදහස් සමාජගත කිරීම එහිදී සිදු විය. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම වැඩසටහන සම්බන්ධයෙන් අප්‍රසාදය ප කළ බවද ජ්‍යෝතිෂ්‍යය විවේචනයට ලක් කරනවාට වඩා ජනතාව ප්‍රිය කරන එම විෂය ප්‍රවර්ධනය කිරීම රජයේ මාධ්‍යයක් ලෙස කළ යුතු බවද පවසා ඇත.