ජාතික රූපවාහිනියේ ‘යථාරූප‘ වැඩසටහන ජනාධිපතිට අරහංලු!

ජාතික රූපවාහිනි සංස්ථාවේ යථාරූප වැඩසටහන ජ්‍යෝතිෂ්‍යය විවේචනයට ලක් කරන බැවින් එම වැඩසටහන අවලංගු කරන සෙ ජනාධිපතිවරයා විසින් රූපවාහිනි බලධාරින්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

අධ්‍යාපනික වැඩසටහනක් ලෙස බ්‍රහස්පතින්දා දිනවල රාත්‍ර 10.00ට ප්‍රචාරය වූ මෙම වැඩසටහන 2016 වර්ෂයේ අගෝස්තු මාසයේ ආරම්භ වූ අතර මිත්‍ය විශ්වාසයන් සම්බන්ධව විවෘත සංවාදයක් සදහා විද්වත් සම්පත් දායකයන් හරහා ජනප්‍රිය මතයන්ට වඩා විකල්ප අදහස් සමාජගත කිරීම එහිදී සිදු විය. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම වැඩසටහන සම්බන්ධයෙන් අප්‍රසාදය ප කළ බවද ජ්‍යෝතිෂ්‍යය විවේචනයට ලක් කරනවාට වඩා ජනතාව ප්‍රිය කරන එම විෂය ප්‍රවර්ධනය කිරීම රජයේ මාධ්‍යයක් ලෙස කළ යුතු බවද පවසා ඇත.

Chandana Sirimalwatte :