අද(25) ජිනීවා නගරයේ ආරම්භවන එක්සත් ජාතින්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 2019 වර්ෂයේ සැසි වාරය තුළ අවධානය ලබාගැනීමේ අරමුණින් යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස හා මියගිය පිරිසට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලමින් උතුරු පළාතේ හර්තාලයක් කැඳවා ඇත.
මේ වනවිට යාපනය,වවුනියාව,කිලිනොච්චිය,මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික් වෙළඳ සංගම් මැදිහත්වීමෙන් හර්තාලයට සහයෝගය පළ කරමින් සියලු වෙළඳ සැල් වසා දමා ඇත. ඊට අමතරව උතුරු පළාතේ නගරාශ්‍රිත පාසල් වෙත ළමුන්ගේ පැමිණීම විශාල ලෙස පහත වැටුණු බව නිරීක්ෂනය විය.