කියුබානු ජනතාව ප්‍රතිසංස්කරණ අනුමත කරයි!

කියුබානු කොමියුනිස්ට් පක්ෂය විසින් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ සම්බන්ධ ජනමත විචාරණයේදී එරට ජනතාවගේ බහුතරයක් ඒවා අනුමත කර ඇත.

කියුබානු ජනමත විචාරණය ඊයේ(24) පැවැත්වුණේ පෞද්ගලික දේපළ, ස්ත්‍රි පුරුෂ සමාජභාවය ඇතුලු නෛතික තත්වයන් හදුන්වාදීමටය. එහිදී කියුබානු චන්දදායකයන්ගෙන් 84.4%ක් ඡන්දය ප්‍රකාශ කළ අතර ප්‍රතිසංස්කරණ යෝජනාවට පක්ෂව 86.85%ක් බහුතර කැමැත්ත ප්‍රකාශ විය. මින් පෙර වයවස්ථාමය ප්‍රතිසංස්කරණයක් සදහා 1976 සීතල යුද සමයේ ජනමත විචාරණයක් පවත්වන ලද අ.ර එහිදී කියුබානුවන් 98%ක් පක්ෂව ඡන්දය ලබා දී තිබිණි.

මෙවර ප්‍රතිසංස්කරණ සම්බන්දයෙන් පක්සව ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස ඉල්ලීම් කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් කොටස් අතර පැවති බවද එහි ප්‍රතිඵලයක් ලෙස 9%ක් විරෝධය පල කරමින් ඡන්දය ප්‍රකාශ කළ බවද වාර්තා වේ.

Chandana Sirimalwatte :