தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
ජිනීවා සමුළුවේදී සංහිඳියා යාන්ත්‍රණයට දැක්වූ සහාය ඉවත් කර ගැනීමේ සූදානමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජිනීවා සමුළුවේදී සංහිඳියා යාන්ත්‍රණයට දැක්වූ සහාය ඉවත් කර ගැනීමේ සූදානමක්



ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සැසි වාරයේදී 2015 එක්සත් ජනපද යෝජනාවට දැක්වූ සහය ලංකා ආණ්ඩුව ඉවත්කරගනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

2015දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුලුවට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ එක්සත් ජනපද යෝජනාවට සහාය දැක්වීමට ලංකා ආණ්ඩුව තීරණය කළ අතර 2017දී එම යෝජනා ප්‍රකාරව ඉටුකළ යුතු කරුණු සම්පූර්ණ කිරීමට තවත් දෙවසරක කාලයක් ආණ්ඩුව විසින් ඉල්ලා සිටින ලදී.

මෙම සම්පූර්ණ කිරීමේ කාර්යයන් අතර අතුරුදන්කිරීම් සම්බන්ධ සෙවීමේ යාන්ත්‍රණය, යුද අපරාධ සම්බන්ධ ක්‍රියාත්මක කිරීම් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති යාවත්කාලීන කිරීමද අයත්ය.

නමුත් මෙතෙක් ක්‍රියාත්මකව පවතින්නේ අතුරුදහන්වූවන්ගේ කාර්යාලයක් පමණි. එයද තොතුරු එක්රැස් කිරීම් පමණක් සිදුකරයි.

මේ අතර ජනාධිපතිවරයා යුධ හමුදා නිලධාරීන්ට විරුද්ධව නඩු පැවරීම නොකළ යුතු බවත් යුධ අපරාධ සිදුව නොමැති බවත් පවසමින් සිටියි. එසේම මෙරට යුධ සමයේ සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති සිදුවීම් සම්බන්ධයෙන් හෝ කිසිදු නායකයෙකු එකඟතාවය පළ කර නැත.

ඉදිරි ආසන්න කාලයේ මැතිවරණ කිහිපයකටම මුහුණ දීමට සිදුවන බැවින් ඔවුන් සියලු දෙනා යුධ අපරාධවලට එරෙහි සහ සංහිඳියාව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනු ඇති බව සැක සහිතය. ඒ අනුව දකුණේ සිංහල බෞද්ධ ඡන්දවලට ආමන්ත්‍රණය කිරීමේ අරමුණින් දැනට මතුව ඇති ප්‍රශ්න මෙරට අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් කල් මැරීමට උත්සාහ දරනු ඇත. උදාහරණයකට මන්නම සමූහ මිනීවල සම්බන්ධයෙන් මෙරට අධිකරණයේ ගොනුකර ඇති නඩුව පමණක් පවත්වාගෙන යනු ඇත.