தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
සංහිඳියාව කොමිසමක් පිහිටුවන්න ගෙන ආ යෝජනාවට මෛත්‍රී, චම්පික කල් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සංහිඳියාව කොමිසමක් පිහිටුවන්න ගෙන ආ යෝජනාවට මෛත්‍රී, චම්පික කල් ඉල්ලයි



සත්‍ය සහ සංහිඳියාව කොමිසමක් පිහිටුවීමට අදාළව රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා සහ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කල් ඉල්ලීම හේතුවෙන් කැබිනට් අනුමැතිය හිමිව නැති බව වාර්තා වේ.

මෙය 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ලංකාවේ යුක්තිය ඇතිකිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස නිර්දේශ කරන ලද්දක් වන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසියක් මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතය.

මෙම සංහිඳියා කොමිසම දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක සංහිඳියා ආකෘතියට සමාන බව පැවසේ. කොමිසම මගින් යුධ අපරාධ පිළිබඳ චෝදනා එල්ල වූවන්ට තමන්ගේ වැරදි පිළිබඳ පාපොච්චාරණය කිරීමට අවස්ථාව ලබාදේ. මෙම පාපොච්චාරණ හරහා නඩු පැවරීමක් සිදු නොවනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවේ යුක්තිය ඇතිකිරීමේ ක්‍රියාවලිය සඳහා යාන්ත්‍රණ හතරක් යෝජනා කරතිබූ අතර අතුරුදහන්වූවන්ගේ කාර්යාලය, හානි පූර්ණ කාර්යාලය, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය, අධිකරණ යාන්ත්‍රණය ඒ අතරට අයත් වේ.