தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
"සංහිදියාව කියන්නෙ තමිල් කෙල්ලක් සිංහල සොල්දාදුවාට ලව් කරන එකද?" - නෙරංජනී ෂන්මුගරාජා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“සංහිදියාව කියන්නෙ තමිල් කෙල්ලක් සිංහල සොල්දාදුවාට ලව් කරන එකද?” – නෙරංජනී ෂන්මුගරාජා



සිංහල සිනමාවේ සංහිදියාව, තමිල් තරුණියක් සිංහල සොල්දාදුවකුට පෙම්කිරීමට පමණක් සීමා වී ඇති බව සිනමා නිළි නෙරංජනී ෂන්මුගරාජා පවසන්නීය.

ඇය මේ කරුණ අවධානයට ලක් කළේ දේවින්ද කෝංගහගේ නිර්මාණයක් ලෙස පැමිණෙන “ගිරි වැසී පුර ” චිත්‍රපටය වෙනුවෙන් සැප්තැම්බර් 14 වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

ලාංකික තමිල් රංග ශිල්පීන්ට සිදුව ඇත්තේ යුද්ධයට අදාළ නිර්මාණවලට කොටු වි සිටීමට බවද ඉන් ඔබ්බෙහි ජිවිතයක් තමිල් ජනසමාජයට ඇති බව වටහා නොගැනීම කණගාටුවක් බවද ඇය එහිදී ප්‍රකාශ කළාය. සංහිදියාව යනු තමිල් තරුණියක සිංහල තරුනයකු සමග පෙම් කිරීමේ සීමාවේ පවතින බව පෙන්වා දෙන ඇය එයට ලාංකික සිනමාකරුවන් මෙන්ම තමිල් හිල්පීන්ද වගකිවයුතු බව අවධාරනය කළාය. එපමණක් නොව, ඉන්දියාව දෙස බලා සිටිනවාට වඩා තමිල් කලා නිර්මාණකරුවන්ට තමන්ගේම වූ නිර්මාණ බිහි කරන්නට ශක්තිය හා ධෛර්ය තිබිය යුතු බවත් තමිල් රංග ශිල්පීන් ලෙස තමන් මෙන්ම දර්ශන් ධර්මරාජ් වැනි කලාකරුවන්ට ජනතා සම්මාන මෙන්ම නිර්මාණ ඇගයුම් සම්මාන හිමිවීමම එයට ආරම්භයක් බවද ඇය පැවසුවාය. නිරංජනී වැඩිදුරටත් අවධාරනය කළේ ලාංකික තමිල් කලා කෘති බිහිවන්නට නම් තමිල් නිර්මාණකරුවන් ලාංකික නිර්මානයන් අගය කිරිමට අසමත්වීම සහ ඉන්දිය සිනමා කලාවන් කෙරෙහි පරාධිනවීම අවසන් කළයුුතු බවය.

නිරංජනී ෂන්මුගලිංගම් පල කළ අදහස නරමන්නට ඉහත වීඩියෝ සබදතාවය වෙත යන්න.