Posted on 09.21.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ (20) පස්වරුවේ සිට වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරත ජීවිතාන්තය තෙක් දඬුවම් ලැබ සිටින සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට හැකියාවක් නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් විසින් බන්ධනාගාරයේ වහලයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කළේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමිනි.
පසුගිය කාලයේ මිනිමැරුම් චෝදනා ඔප්පු වී මරණ දඬුවම් ලැබුවන් පවා ජනාධිපති සමාව ලැබ නිදහස් කෙරුණි. සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් 89 දෙනකු ඉකුත් 12 වැනි දාට යෙදී තිබුණු “සිරකරු දිනය” නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ නිදහස් කෙරුනි.
මෙම පසුබිම යටතේ මෙසේ විරෝධය දක්වන සිරකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය යුත්තේ අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.