Posted on 01.12.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය සම්බන්ධ සිදුවීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කර නිදහස් කිරීමටත් මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම ලබා දෙන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කර තිබේ.
2012 වසරේ නොවැම්බර් මස 9 දින වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනෙකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව පසුගිය 2019 වසරේ නඩු පවරනු ලැබීය.
මෙම නඩුවට අදාළව විත්තිය සහ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ දේශන අවසන් කිරීමෙන් පසුව නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි 06 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
පසුගිය ජනවාරි 06 වනදා පෙරවරු 11ට මෙම නඩුව කැඳවා තිබූ අතර නඩුවේ තීන්දුව ලියා අවසන් වුවත් එහි මුද්‍රණ දෝෂ සැකසීමට කාලයක් අවශ්‍ය හෙයින් තීන්දුව අද (12) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.