’ජෙබී’ චණ්ඩමාරුතයෙන් ජපානයට දැඩි හානි

ඊයේ ජපානයට බලපෑ ටයිපූන් චණ්ඩමාරුතයෙන් පුද්ගලයේ හත් දෙනෙකු මියගොස් තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දහස් ගණනක් ජනයාට අවධානම් ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ප්‍රදේශ කරා යන ලෙස දන්වා ඇති බවත් එසේ තිබියදී පවා විශාල පිරිසක් අනතුරට ලක්ව තිබෙන බවද වාර්තා වේ.

වසර 25කට පමණ පසුව මෙවැනි දරුණු චණඩමාරුතයක් ජපානයට කඩාවැදී බව වාර්තාවේ.

’ජෙබී’ ලෙස නම් කළ මෙම චණඩමාරුතය ජපානයේ බටහිර වෙරළ තීරය ඔස්සේ රටතුලට කඩා වැදි තිබෙන අතර එය පැයට කීලෝ මීටර් 172ක පමණ වේගයකින් කඩා වැදී තිබෙන බව වාර්තාවේ.

අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් දැඩි අලාභහානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දේ.

නිවාස දහස් ගණනකට විදුලිය ඇණහිට තිබෙන අතර ජල ගැලීම් හා මාර්ග යටවීමෙන් මහත්හානියක් සිදුව ඇති බවත් ඔසාක අන්තර් ජාතික ගුවන් තොටුපලද ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් ගුවන් ගමන්සිය ගණනක් නවතා ඇති අතර දුම්රි ගමන් ගණනාවක්ද නවතා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

Madanayaka :