ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත විසින් පැදවූ කැබ් රථයක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු බරපතල තුවාල ලැබීමෙන් පසුව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු මන්ත්‍රිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී කැබ් රිය වාහනයක් පසුකර යාමේදී අනුරාධපුර නගරය දෙසට පැමිණි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇත. යතුරුපැදියේ ගමන් කළ එප්පාවල සහ අමුණුකොළේ පදිංචි වයස අවුරුදු 45 කාන්තාවක් හා 14 හැවිරිදි ඇගේ ඥාතී දියණියක තුවාල ලැබූහ. වැඩිහිටි කාන්තාවගේ අස්ථිවලට බරපතල හානි සිදුව ඇති බවත් ඇගේ ඥාතී දියණිය සුළු තුවාල ලබා ඇති සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා විසින් ඔහු මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
මේ අන්දමින් රිය අනතුරට මුහුණ දෙන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති අංශයේ නායකයාද වන හිටපු මන්ත්‍රිවරයා මත්පැන් පානය කර රිය ධාවනය කර ඇති බවටද පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබිණි.