Posted on 07.15.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සන්ධ්‍යා එක්නැලිගොඩට අපහාස කිරීමේ චෝදනා විභාග වෙමින් තිබියදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව වරදකරු වූ ඥානසාර හිමි නිදහස් කිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් මස 10 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය රණය කෙළේය.
අධිකරණයට අපහාස කිරීමේ වරදට බරපතළ වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.
නීතිපතිවරයා හැර පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන්ට පෙත්සම සම්බන්ධ නොතීසි ලැබී නොමැති බැවින් එම වගඋත්තරකරුවන්ට නොතීසි බාර දෙන ලෙස පෙත්සම්කාරියගේ නීතිඥවරයාට දන්වන ලදී. අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින්නියම කළ වසර 19ක සිරදඬුවමක් වසර 6කින් ගෙවී යන දඬුවම විඳිමින් සිටි ඥානසාර හිමියන්ට පසුගියදා ජනාධිපති සමාව ලබා දෙන ලෙදී.
එලෙස ජනාධිපති සමාව ලබාදීම මගින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා තිබිණි.