Posted on 11.19.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එළඹෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
අද(19) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී ඥානසාර හිමි ඒ බව පවසා ඇත.
ලංකාවේ සුලුජාතිකයන්ගේ ඡන්දවලින් නිදහස්ව ආණ්ඩුවක් පිහිටුවන්නට නොහැකි බවට පැවති අදහස මෙවර ජනාධිපතිවරණයේදී පරාජය වූ බව පැවසූ ඥානසාර හිමි දැන් රටට හොඳ නායකත්වයක් හිමිවී ඇති බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ හිමියන් මෙසේද පැවසීය.
‘මහමැතිවරණයෙන් පසු හොඳ ඇමැති මණ්ඩලයක් සමඟ හොඳ ගමනක් යන්න පුළුවන්. රට ගෙනියන්න හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නිසා අපේ සංවිධානය මීට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මහ මැතිවරණයෙන් පසු සංවිධානය විසුරුවා හරිනවා‘
බොදුබල සේනා සංවිධානය ආරම්භ කරන ලද්දේ 2010-14 මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වන අතර එම සංවිධානයේ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මුස්ලිම් ජනයාට එරෙහි ප්රචණ්ඩ ක්‍රියා රට තුළ ව්‍යාප්ත විය. එවැනි ප්රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් දෙන්නට රාජපක්ෂ පාලනය අසමත් විය. විශේෂයෙන්ම එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බොදුබල සේනා සංවිධානයට අනුග්‍රහය දැක්වූ බව ප්‍රකට කරුණකි. ගාල්ල ප්‍රදේශයේ බොදුබල සේනා සංවිධානයේ පුහුනු ආයතනයක් බව කියන ස්තානයක් විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා ලෙස ගෝඨාභය රාජපක්ෂ සහභාගි වූ අන්දම මෙහි ඡායාරූපයෙන් දැක්වේ.