Posted on 06.08.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
භික්ෂුන් වහන්සේලා උපවාස කරමින් ඇමතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීම රටේ පවතින පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට පටහැනි බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.
සුලුතර ප්‍රජාවන්ට අයත් දේශපාලන නායකයන් ඉවත් කිරීමට උපවාස කිරීම අනුමත නොකරන බවත් මේ ආකාරයට ජාතිවාදී ක්‍රියා සිදුකරන්නේ නම් මුස්ලිම් ජනයා වෙනුවෙන් ඔවුන් හා ඒකාබද්ධව කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානය පසුබට නොවන බව මන්ත්‍රිවරයා පවසා ඇත. සුලුතර ප්‍රජාවන්ට තර්ජනාත්මක ලෙස උපවාස කරමින් ආණ්ඩුවේ කටයුතුවලට මැදිහත්වීම භික්ෂුන්ට සුදුසු නොවන බවත් එසේ නම් රට තුළ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන බවත් ඔහු පෙන්වා දෙයි. ආණ්ඩුවේ ඇමතිවරුන් හෝ මන්ත්‍රිවරුන් පිළිබද චෝදනා ඉදිරිපත් කරන්නට හා වැරදිකරුවන් නම් දඩුවම් දීමේ ක්‍රමවේදයක් තිබියදී උපවාස මගින් දඩුවම් කිරීමේ ක්‍රමයක් සුදුසු නොවන බවද එය රටේ සාධාරණයක් නැති බව පෙන්නුම් කරනනක් විය හැකි බවද මන්ත්‍රිවරයා ජනමාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කර තිබේ.