ඥානසාර හිමිට ඇපත් නෑ

අධිකරණයට අපහාස කීරීම හා පුද්ගලයින්ට තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තතේ ඥානසාර හිමියන් වෙනුවෙන් අද අධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ නමුත් එම ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා තීරණය කර ඇත.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කළ ඥාණසාර හිමියන්ට රටේ බලයලත් පුද්ගලයින්ට ලැබෙන වරප්‍රසාදයක් ලැබී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. එනම් රක්ෂිත බන්ධනාගර ගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලේ විවේක සුවයෙන් රැදී සිටීමේ අවසරයයි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ සිය රුධීර පීඩනය වැඩි බවත්, එය පරීක්ෂා කර ගත යුතු බවත් ඥානසාර හිමියන් විසින් දැනුම්දීමෙන් පසු ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කළ බවයි.

Awantha Idamegama :