තම සහෝදරයා වුවද සහල් මෝල් ව්‍යාපාරිකයකු ලෙස ඩඩ්ලි සිරිසේනගෙන් මුදල් ගන්නට හැකියාවක් නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් සමග අද (11) පස්වරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති හමුව අමතමිනි. සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලූ සඳහා විසඳුම් ලබාදෙමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව හෙට (12) අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පැවසීය.
ඔහු මෙහිදී සිය සහෝදරයා ගැන තමන් අන් කවුරුන්ටත් වඩා තමන් දන්නා බවද ඔහුගෙන් මුදල් ගන්න හැකිද යන්න දන්නේ තතමා පමණක් බවද කියා සිටියේය.