தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ඩොලරයට සාපේක්ෂව රුපියල 15.5% න් පහලට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩොලරයට සාපේක්ෂව රුපියල 15.5% න් පහලට



මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 15.5කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය වසරේදී (2017) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වූයේ සියයට 2.0කින් පමණි.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ආයෝජන පිටතට ගලායෑම සහ ආනයන ගෙවීම් වෙනුවෙන් විනිමය වෙළෙඳපොළ තුළ පැවැති ඉල්ලුම යනාදි කරුණු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට වැඩි වශයෙන් බලපෑවේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

විදෙස් ව්‍යවහාර මුදල් ඒකක හා සැසඳීමේදී ශ්‍රී ලංකා රුපියල වැඩිම අගයකින් අවප්‍රමාණය වී ඇත්තේ ජපන් යෙන්වලට එරෙහිවය. ජපන් යෙන් හා සැසඳීමේදී අවප්‍රමාණය වී ඇත.

ඉහත සඳහන් කාලයේදී ජපන් යෙන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 16.6කින්, යුරෝවට සාපේක්ෂව සියයට 11.9කින්, ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව සියයට 10.2කින්, කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සියයට 9.2කින්, ඕස්ටේ්‍රලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.5කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 7.7 කින්ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.