ආසියානු දැල්පන්දු තරගාවලියේ ජයග්‍රාහී කුසලානය ලංකා පිලට හිමිවීමට සමාන්තරව තරගාවලියේ විශිෂ්ටතම ක්‍රිඩිකාව ලෙස ලංකා නෙට්බෝල් කණ්ඩායමේ තර්ජිනී ශිවලිංගම් තෝරාගනු ලැබිණි.
උසින් සෙන්ටිමීටර් 208ක් (මීටර් 2) වන අතර ආසියානු දැල්පන්දු තරගාවලිය පැවති සිංගප්පූරුවේ OCBC Arena ක්‍රිඩාගාරයේදී පන්දු විදීමේ සමත්කම අතින් 95%ක් පෙන්වූ ක්‍රීඩිකාව ලෙස වාර්තාගත වූවාය. 39 හැවිරිදි තර්ජිනී, 2009 ආසියානු දැල්පන්දු ශුරතාවය දිනිගන්නා විටද ලංකා පිලේ සාමාජිකාවකි. ඉන්පසුව 2011 ලෝකයේ හොදම දැල්පන්දු විදින්නිය ලෙස නම්කරනු ලැබූ ඇය ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙසද ප්‍රකට වූවාය.
ලංකා දැල්පන්දු කණ්ඩායමේ සාමුහික දක්ෂතාවයෙන් දිනාගත් ආසියානු දැල්පන්දු ශූරතාවයේ සම හිමිකාරිනියක් ලෙස ඇය ලංකාවට විශේෂ ගෞරවයක් හිමිකර දුන් බව තරගාවලියේ විස්තර විචාරකයන්ගේ අදහස විය.