Posted on 09.30.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තොටළඟ ක්රීඩකයා සංවිධානාත්මකව පැහැරගෙන ගොස් මරාදැමීම සම්බන්ධ අපරාධයට සැකකරුවකු ලෙස මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තොටලග එල්ලේ කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටී රාගම බටුවත්තේ පදිංචි අකිල සම්පත් රත්නසිරි (36) නැමැති තිදරු පියකු අගෝස්තු 17 වැනිදා මේ ආකාරයට පැහැර ගෙන ගොස් ඝාතනය කර සිරුර කැළනි ගඟට දමා තිබුණද පසුව මළසිරුර ගොඩ ගසා තිබිණි.
ක්රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වූ සමිට්පුර හිටපු ග්රාම නිලධාරිනිය සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටී සෙබළුන් 13 දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇත.