Posted on 03.30.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා බ්‍රිතාන්‍යය අගමැතිනී තෙරේසා මේ විසින් තුන්වැනිවරටත් ගෙනා බ්‍රෙස්ක්සිට් යෝජනාවලියක් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.
එම යෝජනාවට පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවලියට පක්ෂව ඡන්ද 286ක් හිමිවෙද්දී ඊට විපක්ෂව ඡන්ද 344ක් හිමිව ඡන්ද 58ක දැවැන්ත පරාජයක් ලැබීමට අගමැතිනී තෙරේසා මේ ට නැවතත් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව ඉවත්වීම සම්බන්ධයෙන් අගමැතිනිය ගෙනා තෙවැනි යෝජනාවලියත් පරාජයට පත්වීමෙන් අනතුරුව නිෂ්චිත ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යයට සිදුවනු ඇත. අදාළ යෝජනාවලිය සදහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ තත්වයකදී, බ්‍රිතාන්‍ය
යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දිනය ලබන මැයි මස 22වැනිදා දක්වා දීර්ඝ කිරීමට යුරෝපා සංගමය එකඟව සිටියේය. එසේ නොවීම හේතුවෙන් ගිය සතියේ තීන්දු වූ ආකාරයට අප්‍රේල් මාසයේදී නිත්‍ය වශයෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යට සිදුවනු ඇත. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව පැවැතියේ මාර්තු 29වැනිදාය.
යෝජනාවේ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තෙරේසා මේ අගමැතිනිය පෙන්වා දෙන්නේ ඉවත්වීම සම්බන්ධයෙන් වෙනත් මාර්ග සොයාගැනීමට බ්‍රිතාන්‍යයට සිදුවනු ඇති බවය. විපක්ෂ නායක ජෙරමි කෝබින්ද පාර්ලිමේන්තුව අමතමින් අගමැතිනිය වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම වඩාත් සුදුසු බව අවධාරණය කර සිටියේය.