தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
බ්‍රෙක්සිට් ගිවිසුම දෙවනවරටත් ප්‍රතික්ෂේපයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බ්‍රෙක්සිට් ගිවිසුම දෙවනවරටත් ප්‍රතික්ෂේපයි!



බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ගිවිසුම සදහා
බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ විසින් ඉදිරිපත් කළ යෝජනාව දෙවන වරටත් බහුතර ඡන්දයකින් ප්‍රතික්ෂේප වී ඇත.

විදෙස් වාර්තා අනුව, එම යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡන්ද 149 කින් ගිවිසුම් යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත. එම ඡන්ද විමසීමේදී ගිවිසුමට පක්ෂව ඡන්ද 242 ක් ද, විපක්ෂව ඡන්ද 391 ක් ද ලැබී ඇත. මීට පෙරද වරක් මෙම යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රතිශතයකින් පරාජය කෙරිණි.

කෙසේවෙතත් මේ වනවිට ගෙන ඇති පියවර අනුව, මාර්තු මස 29 වැනිදා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු වන අතරම එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් කරන නීතිමය යාන්ත්‍රණය  දීර්ඝ  කරනු ඇතැයි විචාරකයෝ පවසති.