ඕමානයේ සහ වෙනත් සමාගමක හවුල්කාරී ආයෝජනයක් ලෙස හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බව පැවසූ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ප්‍රධාන ආයෝජකයා ඕමාන රජය නොවන බව රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ කාංචන විජේසේකර මන්ත්‍රීවරයා ඕමාන රජය විසින් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව කිසිවක් නොදන්නා බව පවසා තිබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විමසූ අවස්ථාවේදියි.
ඕමාන් ඔයිල් සමාගම මෙම ව්‍යාපෘතියේ කොටස්වලින් සියයට 30ක් සඳහා දායකත්වය ලබාගැනීමට ලියාපදිංචි වී සිටින බවත් පාර්ශ්වයන් අතර එකඟතා ගිවිසුම් ඇති කරගැනීමට සූදානමින් සිටින බව යෝජනා මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබුණි. මෙම සමාගම ඕමාන රජයට අයත් සමාගමක් බවද එම නිවේදනයේ දැක්වේ.
පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අගමැතිවරයා පවසා ඇත්තේ ඕමාන රජය මේ ව්‍යපෘතිය පිළිබඳ උනන්දුවක් දක්වන බවත් ඒ පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කිරීමට කැමැත්ත පළකර ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඕමාන රජය සියයට 30ක කොටස් ප්‍රමාණයක් ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි.
හර්ෂද සිල්වාඇමතිවරයා පවසා ඇත්තේ මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරියේදී ආයෝජන මණ්ඩලය විසින් සවිස්තර වාර්තාවක් නිකුත්කරනු ඇති බවයි.