தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
තෙල් මිල ඉහළ නොගියොත් අපනයන සීමා අවශ්‍ය නැහැ - මලික් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තෙල් මිල ඉහළ නොගියොත් අපනයන සීමා අවශ්‍ය නැහැ – මලික්



ලෝක තෙල් මිල ඉහල යාමක් සිදුනොවන්නේ නම් ආනයන කප්පාදු කිරීමේ අවශ්‍යතාවයක් නැති බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පවසා තිබේ.

ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඔහු මෑතකදී සිදුකළ බංගලාදේශ සංචාරය පිළිබඳ විමසීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් ඉදිරියේදී මෙරට ආර්ථිකය තුළ ආනයනයන පාලනය කිරීමට සිදුවෙනු ඇති බව මීට පෙර කොළඹදී පැවති උත්සවයකදී අගමැතිවරයා පවසා තිබුණි.ලෝකය ආර්ථික අර්බුදය හමුවේ අපේ ආර්ථිකය ආරක්ෂා කරගැනීමට යටතේ පළවෙනි තීරණය ලෙස කෙටි කාලීන විදේශ විනිමය රටෙන් පිටතට යාම වැළක්වීමට පියවර ගැනීමට කටයුතු කර අපනයන ආර්ථිකය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.

ලංකාවේ එතෙක් පැවති රාජ්‍ය ඒකාධිකාරී ආර්ථික ක්‍රමය බිඳ දමමින් වෙළඳ පොළ වෙත අසීමිත නිදහසක් ලබාදෙන නව ලිබරල් ප්‍රතිසංස්කරණ වෙත නිරාවරණය වීම පහසු වීම උදෙසා විවෘත ආර්ථිකය හඳුන්වා දීම 1977 වසරේ සිදුවිය. එම ආර්ථික වැඩපිළිවෙල අනුමත කරන විවිධ ආණ්ඩුවල වසර ගණනාවක් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම වැන්නන්ට වසර හතළිස් එකකට පසු ආනයන සීමා කිරීමක් ගැන නැවත නැවත කතා කිරීමට සිදුවීම හරහා මෙම ආර්ථික වැඩපිළිවෙල පවතින අසමත් බාවය වඩා හොඳින් පැහැදිලි වේ.