Posted on 03.14.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දකුණු පළාතේ සහ සබරගමු පළාතේ වැඩ අවාරණය කිරීම සඳහා අද (14) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු පත් කර තිබේ.
දකුණු හා සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ තිබුණු විශේෂ විමර්ශන ඒකකයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු එම පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන කොළඹට ස්ථාන මාරු කරනු ලැබීය.
ඔහුගේ ස්ථාන මාරුව පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යවා නැති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඒ අනුව මෙලෙස දකුණු පළාතේ වැඩ ආවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් එෆ් යූ ප්‍රනාන්දු ද, සබරගමුවේ වැඩ ආවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ ද පත් කර ඇත්තේ ඔවුන් දැනට දරණ තනතුරුවලට අමතරවය.
දකුණු හා සබරගමු පළාත් භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කරනු ලැබුවේ දින 23කට පසුවය.