දකුණු ආසියානු කලාපීය පාපන්දු ශූරතාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ මාලදිවයින අතර අද පැවැත්වීමට නියමිතව ඇත.
මෙම අවසන් තරගය බංග්ලාදේශයේ ඩකා අගනුවර බංගා බන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකාවද සහභාගීවූ මෙම තරගාවලියේදී ඉන්දියාව සමග පැවැති තරගයේදී 2-0 ලෙස කිසිදු ගෝලයක් ලබා ගැනීමට නොහැකිව මූලිකවටයේදී පරාජයට පත්විය.
ඉන් පසුව පැවැති මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර තරගයෙන්ද කිසිදු කණ්ඩායමකට ගෝල ලබා ගැනීමට නොහැකිවීමෙන් තරගය ජය පැරදුමෙන් අවසන් විය.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව හා භූතානය තමන් සහභාගීවු කිසිදු තරගයකින් ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වූ කණ්ඩායම් ලෙස වාර්තාවිනි.