අද දින ආරම්භ වන දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ආරම්භක තරගය නේපාලය හා පකිස්ථානය අතර බංග්ලාදේශයේ ඩකා අගනුවර බංගාබන්දු ජාතික ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියිමිතය.
දකුණු ආසියානු පාපන්දු සම්මේලන විසින් මෙම තරගාවලියේ කටයුතු සංවිධානය කරනු ලබයි.අද සිට සැප් 15 දක්වා දින 12ක් පුරා පැවැත්වෙන මෙම පාපන්දු තරගාවලියට ඇෆ්ගනිස්ථානය හැර සෙසු දකුණු ආසියානු කලාපයේ රටවල් සියල්ලම සහභාගී වීමට නියමිතය.
ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ රටවල් බෙදී යන් අතර ඒ කාණ්ඩයට අයත් වන්නේ බංග්ලාදේශය, භූතානය, නේපාලය සහ පකිස්ථානයයි. බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින තරගාවලියට සහභාගී වේ.