ලංගම වැඩ වර්ජනයට උතුරේ සහාය

වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා ලංගම සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනයට සහයෝගය පලකරමින් උතුරු පළාතේ ලංගම සේවකයින් (4) වැඩවර්ජනයක නිරත වී තිබේ.

උතුරු පළාතේ වවුනියාව , මන්නාරම ,යාපනය , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කයේ ලංගම සේවකයින් , බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් මෙලෙස සේවයෙන් ඉවත්ව සිටිති.

පසුගියදා (30) තංගල්ල ඩිපෝවේ සේවකයින් විසින් ද මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව වාර්තා විය. වර්ජනයේ නිරත ලංගම සේවකයින් පවසා සිටින්නේ තමන්ගේ ඉල්ලීම් සඳහා ප‍්‍රවාහන අමාත්‍යවරයා සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු වැඩවර්ජනයේ නිරතවන බවයි.

Sithara Sajeewani :