ඉදිරි මැතිවරණවලදී දකුණේ ජනතාවගේ ඡන්දය ඉලක්ක කරමින් කඩිනමින් ඉදිකරණ දකුණු දුම්රිය මාර්ගයේ දෝෂ නිසා මගී ප%වාහනයේ ගැටලු පැන නගිමින් තිබේ.
දින කිහිපයකට පෙර මහත් උත්සවකාරයෙන් ආණ්ඩුවෙන් විවෘතකර පසුව හිටපු ජනාධිපතිවරයාද මැතිවරණ ප්‍රචාරක ස්වරූපයෙන් ගමන් ගත් මාතර-බෙලිඅත්ත නව දුම්රියට මාර්ගයට අයත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙම දෝෂය සිදුව ඇත. එංජිම් හැරවීම සිදුකරන ස්ථානයේ සුළු ගිලා බැසීමේ තත්ත්වයක් මතුව ඇත්තේ වර්ෂාව හේතුවෙන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල ජනමාධ්‍ය හමුවේ පවසා ඇත. ඊයේ(11) සවස බෙලිඅත්ත ප්‍රදේශයට ඇති වූ අධික වර්ශාව හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය එංජිම හැරවීම සිදුකරන ස්ථානයේ මිලිමීටර දශම ගණනක සුළු බැස්මක් ඇති වීම හේතුවෙන් මාතර දුම්රිය ස්ථානයේ සිට එන එංජිම සහිත දුම්රිය බෙලිඅත්ත දක්වා අද(12) දින ද ධාවනය කර නොමැත. නියමිත දුම්රිය වෙනුවට මැදිරි කීපයක් සහිත බලවේග කට්ටල දුම්රියක් පමණක් අද දිනයේදී ධාවනයේ යොදවා තිබිණි. ඒහෙයින් අවුරුදු නිවාඩුවට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුරබැහැර ප්‍රදේශවලට යන මගීන් බලවේග කට්ටල දුම්රියකින් මාතර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එතැන් සිට නැවත ඔවුන්ට වෙනත් දුම්රියකට නැග ගමන් කිරීමට සිදුව තිබිණි.