දයාසිරි ජයසේකරගෙන් මහින්ද කණ්ඩායමට ප්‍රහාරයක්!

දයාසිරි ජයසේකර විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලගන ව්‍යාපෘතියට පහරදීමේ පියවරක් තබා ඇත.

මේ බව සනාථ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්තම විනාශය සිදුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර  කළ ප්‍රකාශයත් සමගය. කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ශ්‍රිල.නි.ප. මහලේකම්වරයා මේ බව පැවසු බව වාර්තා වේ. පක්ෂයට දැවැන්තම හානිය සිදුවුයේ පසුගිය කාලයේ පොදු ජන පෙරමුණෙන් බව පැවසු ජයසේකර මන්ත්‍රිවරයා, දිනවීමේ කාර්ය මෙන්ම එයට හානි කිරීම ද මෙමඟින් සිදුවු බවයි.

Chandana Sirimalwatte :