Posted on 11.23.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මාරුකර යැවීමට අදාළව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැදිහත්ව ඇති බවට නිශ්චිත සාධක තිබියදී එවැනි නියෝග ජනාධිපතිවරයා විසින් ලබා දී නැති බවට දයාසිරි ජයසේකර පවසන්නේ ජනාධිපතිවරයාගේ අන්තේවාසිකකම නිසාදැයි දේශපාලන අංශවල කතාබහක් ඇතිව තිබේ.
ජනාධිපතිවරයාගේ නියෝග මත මෙම මාරු කිරීම සිදුකළ බවට පොලිස්පතිවරයා විසින් ප්‍රකාහ කර තිබෙන අතර ජනාධිපති කාර්යාලයේන්ද එය එසේ නොවන බවට නිවේදනය කර නැත.
මාධ්‍ය වේදීන් ඝාතනය කිරීම්, පැහැරගෙන ගොස් වදදීම් මෙන්ම පුද්ගලයන් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා නොලැබුණු විට අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පරික්ෂන කළ නිලධාරියෙක් හදිසියේ මාරු කර යැවුවේ ජනාධිපති නියෝගයෙන් නොවන බවට දයාසිරි ජයසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබිණි. එසේ වුවද සාක්ෂි මත අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බවට එම නිලධාරියා විසින් අධිකරණයට ප්‍රකාශ කළ ආරක්ෂක මාණ්ඩලික් ප්‍රධානියා ජනාධිපතිගේ රැකවරණ ලබමින් නිදැල්ලේ සිටී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් නිලධාරින් පවසන්නේ දයාසිරි ජයසේකර දැන් ජනාධිපතිගේ දේශපාලන අන්කතේවාසිකයකු නිසා රටේ නීතිය බිද දමන ජනාධිපතිවරයා ආරක්ෂා කරන්නට අදාළ නැති කරුණු ඉදිරිපත්ක රන බවයි. ජනාධිපතිවරයා නිශාන්ත සිල්වා මාරු කර යවන ලෙස නියෝග ලබා දී නැතිනම් ඒ බව ප්‍රකාශ කළ යුතු වන්නේ ජනාදිපති විසින් හෝ ඔහුගේ ලේකම් කාර්යාලය විසින් බව පිළිගත් සත්‍යයකි.