Posted on 06.18.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිව දයා රත්නායක එම ධුරයෙන් ඉවත්කොට කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
විශ්‍රාමික ජනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත වේ.
ඔහුගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොළ පත්කර ඇතැයි වාර්තා වේ. කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල වරාය අධිකාරියේ හාබර් මාස්ටර්වරයකු වශයෙන් සේවය කර විශ්‍රාම ගිය නිලධාරියෙකි.