Posted on 11.22.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දිවයින පුරා තවත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. ඔහු සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර,
“එක් සේවකයෙක් හෝ කිහිපදෙනෙක් මුලින්ම ආසාදිත වීමෙන් පස්සේ, ඒ ආයතනය තුළ ඉන්න කාර්ය මණ්ඩලයට විශාල වශයෙන් පැතිරීම දකින්න පුළුවන්. මේ මොහොත වන විට අපි අත්දකිනවා තවත් ස්ථාන කිහිපයක මේ වගේ පොකුරු වශයෙන් නිර්මාණය වීම. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා පොලීසිය තුළ, ඒ වගේ බන්ධනාගාර තුළ, නාවික හමුදාව ස්ථාන තුළ දී. මෙය බලාපොරොත්තු විය හැකි දෙයක්. යම් අවස්ථාවක එවැනි ආයතනයක් තුළ එක් රෝගියෙක්ට ආසාදනය වීම තුළින් එය තවත් අයට පැතිරීමේ හැකියාව තියෙනවා. එවැනි අවස්ථාවක නිරෝධායනය කරන්න විශාල පිරිසක් ඉන්නවා. මේ නිසා තමන්ගේ ආයතනය තුළ පොකුරක් නිර්මාණය වීම වළක්වා ගැනීම සඳහා ආයතන ප්‍රධානීන්ට, කාර්ය මණ්ඩලයට හා ආයතනයට පැමිණෙන අයට විශාල වගකීමක් තියෙනවා.“