Posted on 11.22.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඊයේ(21) දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ 05 ඊයේ දිනය තුළ පමණක් සිදුවූ ඒවා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඔහු පවසන්නේ ඊයේ දිනයේ වාර්තා කළ මරණ අතුරින් 04ක් පමණක් ඊයේ දින සිදුවූ බවයි. අනෙක් මරණ 05 ඊට පෙර දින දෙකකදී වාර්තා වූ ඒවා බව යුද හමුදාපතිවරයා පවසයි.
එම මරණවල PCR පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව සියල්ලේම එකතුව ලෙස ඊයේ දිනයේ මරණ 09ක් වාර්තා කර ඇතැයිද හමුදාපතිවරයා පැවසීය.
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේ බව කියා සිටියේ රූපවාහිනි නාලිකාවක අද(22) පෙරවරුවේ පැවතී සාකච්ඡාවකට එක්වෙමින්.
කෙසේ වෙතත මෙම මියගිය පුද්ගලයින් 9 දෙනාම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
කොළඹ – 02, කොළඹ – 13, දෙමටගොඩ, වැල්ලවත්ත ප්‍රදේශයේ එක් අයෙකුද මෙලෙස මියගිය අය අතර වේ. ඊට අමතරව කොළඹ – 10 ප්‍රදේශයේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දෙදෙනෙකු බැගින්ද රජයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයාගේ නිවේදනයේ පදිංචිය සඳහන් නොවූ IDH රෝහළේ නේවාසික එක් අයෙකුද මෙම මියගිය නමදෙනා අතර සිටිති.
මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් දෙනෙකු පවසන්නේ දින කිහිපයකදී මෙම පිරිස මිය ගොස් ඇත්නම් එම මරණ පිළිබඳව PCR පරීක්ෂණ වාර්තා දින කිහිපයක් ප්‍රමාද වීමද ගැටලුවක් බවයි.