අද(28) සවස ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වූ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රණතුංගගේ ආරක්ෂකයකු සිදු කළ වෙඩි තැබීමකින් සංස්ථා සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
අද දින ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් අතර ඇතිවී තිබුණු දේශපාලන ගැටුමක් හේතුවෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ සේවකයන් විරෝධය දක්වා ඇති අතර එහිදී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඇමති ආරක්ෂකයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි. අර්ජුන රණතුංග සමග පැමිණි ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවද මේ වන විට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී, රුවන් ගුණසේකර පවසයි.