2015 වර්ෂයේදී මහජන ඡන්දයෙන් පාලනයෙන් ඉවත් කළ මහින්ද රාජපක්ෂ යළි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම, දෙමළ ජනතාව කිසිවිටෙකත් අනුමත නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ 13 වන අණුස්මරණ වැඩසටහනකට එක්වෙමින්.
එහිදී අදහස් දක්වමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ “මේ ළඟදි ජනාධිපතිවරයා සමග තිබුණු සාකච්ඡාවකදි එතුමා කිව්වා ‘මම කවදාවත් අමතක කරන්නේ නෑ දෙමළ ජනතාව. ඒ අය ඡන්දේ දුන්න නිසා තමයි මේ රටේ ජනාධිපතිවරයා වුණේ’ එතුමා එහෙම කියද්දී මම ජනාධිපතිවරයාට කිව්වා දෙමළ ජනතාව 2010 දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඡන්දය දුන්නා.
2015 දී ඔබතුමාට ඡන්දය දුන්නා. දෙමළ ජනතාව ඔබතුමාට තිබුණු ආදරයකට හෝ සරත් ෆොන්සේකාට තිබුණු ආදරයකට නෙමෙයි ඡන්දෙ දුන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාට එලවන්න ඕනේ කියලා තමයි ඔබ දෙපලටම ඡන්දය ලබා දුන්නේ. නමුත් එදා සිට මේ දක්වා එළියට යවන්න ඕනේ කියලා හිතපු එක්කෙනාව නැවත අගමැති විදිහට පත් කරපු එක දෙමළ ජනතාව කිසිවිටෙකත් පිළිගන්නේ නෑ. “