දේශපාලන අර්බුදය තුළ කාන්තාවගේ මැදිහත්වීම වෙනුවෙන් – Free Women දැනුවත්කිරීම් අරඹයි
Posted on 12.31.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ උත්සන්නවී ඇති දේශපාලන අර්බුදය වඩා කැපී පෙණුනු මට්ටමකට පත්වූ ඔක්තෝබර් 26 වැනිදා සිට සක්‍රිය ක්‍රියාකාරකම්වලට සම්බන්ධවන ලාංකිය කාන්තාවන් සැබෑ දේශපාලන අරමුණකින් සහ පොදු සමාජ අරමුනු ඔස්සේ ක්‍රියාත්මක වීමේ අදහස ඉදිරිපත් කරමින් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ ආරම්භ කර තිබිණි.
අද(31) කොළඹ කොටුව දුම්රියපොල අසළින් ආරම්භ කළ මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියන් පිරිසක් සහභාගි වූහ.
ඔවුන් විසින් ජනතාව අතර බෙදා හැරි පත්‍රිකාව පහත පළ වේ.